හොරණ යතුරුපැදියක් හා වෑන් රථයක් ගැටී පුද්ගලයෙකු මියයයි.... පුසුපස වාඩිවී ආ මිතුරාටත් බරපතලයි.....

හොරණ යතුරුපැදියක් හා වෑන් රථයක් ගැටී පුද්ගලයෙකු මියයයි.... පුසුපස වාඩිවී ආ මිතුරාටත් බරපතලයි.....


හොරණ පොලිස් වසමේ ගුරුගොඩ පාදුක්ක, මාර්ගයේ බෙලිගස් හන්දිය අසල දී සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊයේ(04) සවස 3.45ට පමණ මෙම අනතුර සිදුව ඇත.



ගුරුගොඩ දෙසට ධාවනය වු යතුරුපැදියක් හා වෑන් රථයක් මුහුණට මුහුණ ගැටී අනතුර සිදුව තිබේ.
යතුරුපැදිකරු හා එහි පසුපස ආ පුද්ගලයා බරපතළ තුවාල ලබා ‍හොරණ රෝහලට ඇතුළත් කිරීමේ දී යතුරුපැදිකරු මියගොස් ඇත.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 47 ක් මීවනපැලෑන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෘත ශරීරය හොරණ රෝහලේ තැන්පත් කර ඇත.
අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.
හොරණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Comments

Popular posts from this blog

නිදන් සෙවූ තිදෙනෙක් අත්අඩංගුවට...

මගේ හඬපට ලීක් කරන්න එපා...මං ගත්තු කප්පම් ඔක්කොම දෙන්නම්හි...ටපු එ ජා ප ප්‍රබලයෙක් ඇවන්ගාඩ් සභාපතිගෙන් ඉල්ලයි...

පෙත්සම් සියල්ල ඉවත දැමේ.. මහ මැතිවරණය ස්ථිරයි..